2016 දෙසැම්බර් 7 දා කොළඹදීය - ට්‍රිලියම් ප්‍රොපටි මැනේජ්මන්ට් ඇන්ඩ් සර්විසර්ස් සමාගම එහි අති නවීන මූලස්ථාන කාර්යාල සංකීර්ණය වන ‘‘ට්‍රිලියම් ටවර්* කොළඹ 5 සෝමාදේවි මාවතෙහි විවෘත කරමින් එහි නව පිටුවක් සනිටුහන් කරයි. එය වාස්තු විද්‍යාත්මකව පෙරටුගාමී සැලස්මකට අනුව වර්ග අඩි 50,000ක විශාලත්වයෙන් යුත් 6 මහල් ගොඩනැගිල්ලකි. අඛණ්ඩව ව්‍යාප්තවන ට්‍රිලියම් සේවක පිරිසට කාර්යාලීය ඉඩපහසුකම් සැපයීමට අමතරව එය ට්‍රිලියම් සුඛෝපභෝගීබවේ නිර්ව්‍යාජ සංකල්පය ගනුදෙනුකරුවන්ට ගෙනහැරපාන මහල් ගොඩනැගිල්ලක් සහ අති උසස් ලෙස තාක්ෂණික වශයෙන් විදුලි සංදේශ අවකාශයක්ද වෙයි. ට්‍රිලියම් ටවර් මගින් සමාගමේ අද්විතීය අලෙවි සමානුපාතයන් (USPs) පෙන්නුම් කරයි. එනම් දියුණු කළහැකි ඉඩම් දේපොළවලින් සකසුරුවම් ලෙස කටයුතු කරමින් සැළකියයුතු මට්ටමක ප්රතිලාභ අත්කරදීමේ හැකියාව, ඉදිකිරීමේදී මුලසිට අග දක්වා නිසිලෙස තත්ත්ව ප්‍රමිති පවත්වා ගෙනයාම සහ ගෘහ නිර්මාණ ශිල්පයේ සැලසුම්වල සහ සංකල්පවල සැකසීමේදී සිත්ගන්නා සුළු සහ නැගී එන ප්රවණතා හා සුසුමාදර්ශ කෙරෙහි නෙත් යොමු කොට ක්රියාකිරීමයි.
ට්‍රිලියම් ප්‍රොපටි මැනේජ්මන්ට් ඇන්ඩ් සර්විසර්ස් සමාගමේ සභාපති ජනක රත්නායක මහතා විස්තර කරන්නේ ප්‍රධාන මාර්ගවලින් එකක් වන බේස්ලයින් මාර්ගයේ සිට මීටර් 100ක් දුරින් පිහිටි ට්‍රිලියම් මූලස්ථානය ශ්‍රී ලංකාවේ දේපොළ සංවර්ධන තලයේ ට්‍රිලියම් සමාගමේ ව්‍යාප්ත වෙමින් පවතින සම්ප්‍රාප්තියට අතිශයෙන් වැදගත් වන බවයි. ශ්‍රී ලංකාවේ ඉතා ශ්රීඝ්රයෙන් වෙනස්වෙමින් පවතින මෙම පරිසරය විශේෂයෙන් අප රට ඍජු විදේශ ආයෝජන හා විශාල ආයෝජන ඉඩප්රස්ථා වැඩිවැඩියෙන් අපේක්ෂා කරන මෙහොතක එවන් ආයෝජන රටතුළට ගෙන ඒමට පෙළඹමේදී හොඳින් සංවර්ධනය වු ඉඩම් සහ දේපළ මහා දර්ශකයක් වන බව අපි දැඩිව විශ්වාස කරමු. ඉඩම් සහ දේපළ අංශයෙහි ට්‍රිලියම් ප්‍රස්ථිතිය දැන් මනා ලෙස තහවුරු වී ඇති අතර Price water cooper විසින් ට්‍රිලියම් ප්‍රොපටි මැනේජ්මන්ට් ඇන්ඩ් සර්විසර්ස් සමාගම දළ වශයෙන් රුපියල් බිලියන 1.7 කට වටිනා බවට තක්සේරු කොට ඇත. ට්‍රිලියම් ධජය යටතේ ඉදිකෙරෙන මන්දිර සහ මහල් නිවාස ඒකකවල අගය ඉදිකිරීම් කාලය තුළ දළ වශයෙන් සියයට විස්සක වැඩිවීමක් පෙන්වන බව පැවසූ ඔහු වැඩනිම කොට ඇති ව්‍යාපෘති තුනක දැනටමත් ආයෝජන මත සියයට 25ක ඵල ලැබීම් ලැබී ඇතැයි පැවසීය.
ට්‍රිලියම් සන්නාමය සුඛෝපභෝගී මහල් නිවාස යෝජනා ක්‍රම සහ මන්දිර මගින් අගය නිර්මාණය කරමින් සුඛෝපභෝගී උසස් නිමාව සහ ඉහළ ප්රතිලාභ අනුපාතයක් අත්කරදීමට සමාන බව ඔහු කීය. කොළඹ 8 හි පිහිටි ට්‍රිලියම් රෙසිඩන්සීස් එයට කදිම නිදසුනකි. එය එසේ නිමකරන ලද විශාලතම මහල් නිවාස ව්‍යාපෘතියයි.
ඊට අමතරව ට්‍රිලියම් ප්‍රොපටි මැනේජ්මන්ට් ඇන්ඩ් සර්විසර්ස් සමාගම පිරිනමන ආකර්ශනීය වන ආයෝජන මත ලැබීම් යෝජනා ක්‍රමය නිසා ගනුදෙනුකරුවන් ගෙවන අත්තිකාරම් සදහා මුල් ගෙවීම මත වට්ටමක් ලබා දෙයි.